සමහරක් වේලාවට අපි නොහිත කරන පුංචි-පුංචි දේවල් වලින් අපේ වටපිට ඉන්න අය කොච්චර අපහසුතාවයකට පාත්වෙනවා ඇතිද ?? එත් ඉතිං ඒවායින් සමහරක් ඒවා කොච්චර සුන්දරද ? මගේ හිතේ අත්වැරැදත් සුන්දරයි කියන්නේ එව්වට වෙන්න ඇති!!
මම අද කියන්න යන්නේ මම කරපු,කරන්න අසා අත්වැරදක් ගැන .ඒවගේ වැඩ නිතරම වුවමනාවට වැඩියෙන් කරන නිසා වෙන්න ඇති මමත් එක්ක ඉන්න කවුරුත් අකමැතියි ! මට ඉස්සර ඉදලා ආසාවක් තියෙනව පුංචි-පුංචි පොද වැස්සට තෙමෙන්න .වැස්සක් පටන් ගන්න ඉස්සර ඒ වගේම වැස්ස ඉවරවෙන්න ඔන්න-මෙන්න . ඔය අත්දැකීම් ගොඩක් ලැබෙන්නේ bus එකේදි .මම හැමදාම කොහොමහරි try කරලා මුහුද පැත්තේ seat එකක් අල්ලගන්නවා නැතිනම් ,වෙලාව තියුනොත් ඉදලා ඊලග bus එකේ එන්න තරම් පිස්සුවක් මට තියෙනවා !!
මුහුදු හුළග එක්ක එක්ක පුංචි-පුංචි වැහිබින්දු මුණේ වැදෙනකොට හරි සැනසීමක් දැනෙනවා .එක දිගට පැය ගණං පුටු රත්කරලා ගෙදර එනකොට ඔය වැහිබින්දුවක් කියන්නේ ගොඩක් වටිනා දෙයක් .හුළං පාර එක්ක ඔට්ටුවෙලා හොදටම හොන්තු-මාන්තු වෙච්චි නන්නත්තාර වැහිබින්දු ඇවිත් මුණපුරා සිපගද්දී තමයි හිතෙන්නේ මම තවම ජීවත්වෙනවා ,කවි තවම ජීවත්වෙනවා කියලා ...එහෙම හිතුන දවසක මම bus ticket එකක පුංචියට මෙහෙම කවියක් ලියනවා..
පොදවැස්ස නුඹ එන්න...
දේදුන්න පායන්න....
මටහැකිය නුඹ එක්ක ...
හැමදාම හිනැහෙන්න ..
ඉතිං ඔයවගේ අනිත් එවුන්ට හෙන ගොන්පාට් වගේ පෙනෙන වැඩතමයි මම ගොඩක්ම කරන්නේ ..වැහිබින්දු වලින් bus එකේ wind screen 1 ත් ටික-ටික බොදවෙද්දී අනිත් හැමෝම shutters වහනකොට මම විතරක් shape එකේ ජනේලය එහාට තල්ලුකරනවා තවත් වැහිබින්දු වල ආශ්වාදය විදගන්න .මම ගොඩක් වෙලාවට ආයෙත් ජනේලය වහන්නේ පිටිපස්සේ ඉන්න කෙනෙක් කිවුවොත් හරි කොන්දොස්තර ඇවිත් වහන්න කිවොත් තමයි ..එත් ඒ වෙලාවට ඒ අය වැහිබින්දුවක රහ නොදන්නකමකට කියලා හිත හදාගත්තා ...
එත් දවසක් මෙහෙම seance එකක්වුණා එදා වෙනදා වගේ love එකෙන් වැස්සේ නෑ ..අඩන්න ඉන්න වෙලාවක ඇහැට ඇගිල්ලකින් ඇන්නවගේ බොරළු කැට වැස්සක් මහා හයියෙන් වැස්සා ..එන්ජිම එක්ක තරගයට සින්දු කියපු ජනේලයක් වහගන්න බැරිවුනා...මට නෙවෙයි ඉස්සරහ කෙනෙක්ට???
ඉතිං පිටිපස්සේ ගියපු 4-5 දෙනෙක්ක්ට නැගිටලා යන්න සිද්දවූනා යාරේ අඩියට තලලා අඩිය අගලට තලපු ල.o .ග .ම bus එකක ...එදා ඉදන් bus 1 ට නැග්ගම shutter එක check කරලා බලන්න පුරුද්දක් මටත් තියෙනවා ....
Nice Bro....
ReplyDeleteThanx a lot bro
Deleteoya mama dakina widiyata wahi bindu athara ina lassana whi binduwak .lassanai oyage adahas
ReplyDeleteතැන්කූ..
ReplyDeletegood work...
ReplyDeleteThank you very much
ReplyDeleteoyge adahasnam maru lahiru........
ReplyDeleteniyamai..........................
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteexcellent
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅදහස් නම් සුපිරි බන් !...
ReplyDeleteTnq brother
ReplyDeleteniyami......
ReplyDeleteGreat work dear...
ReplyDeleteKeep it up...
Super Ideas Brother
ReplyDelete" යාරේ අඩියට තලලා අඩිය අගලට තලපු ල.o .ග .ම bus එකක "
ReplyDeletesuperb
-Lucky-