වැහි එක්ක මං එක්ක....
මේ දවස්වල ඉතිං මහා වැහි වැටෙනවා,නොහිතන වේලාවට අහස මහා හයියෙන් අඩනවා . මෙච්චර කාලයක් මහපොලවට ලබානොදී ඉතිරි කරපු ආදරය පොළියත් එක්කම අතැරලාදානවා ....
මහපොළවටත් ලැජ්ජා නැති හැටි ? දැවි -දැවී, තැවි-තැවී ඉරිතැලි ගිය සියලුම වේදනා අමතකකරලා වැටෙනා හැම වැසි-බින්දුවම උරාගන්න මහා කෑදරකමකින් මුළු පොළවම බලන් ඉන්නවා..ගොඩක් කාලයකින් වැස්සක් වැටුනාම මහපොළවෙන් හරි අමුතු සුවදක් එනවා..ඒ තමයි නැවුම් සුවද පුංච්කාලේදී එහෙම අහල තියෙනවා ..එත් ඒ නැවුම් සුවදමද ? නැතිනම් අර වැස්ස නැතිකාලේ විදපු දුක-කදුළු දියකරපුවාම එන සුවද ද? ඇත්තටම දුක ඉවරවෙනකොට ජීවිතය එච්චරම සුවද ද ?
මිනීත්තු කීපයක් යන්න කලින් පේමන්ටුවට එහා පැත්ත එකම එක ගගක් වෙනවා ...ගගක් කීවට හරියට ඇළක්,දොළක් වගේ හැගීමක් හිතට එනවා... ඊට අඩි කීහිපයක් එහායින් තියෙනවා විලක් ...
සමාවෙන්න එක වළක්!! වළක් විලක් වෙන්න මලක් පිපෙන්න ඕනෑ කියලා රීතියක් තියෙනවා ..එත් ඉතිං කවියක් ලියන්න, කතාවක් ලියන්න ඔය නීති රීති අදාළ නෑ කියලත් මතක් වෙනවා...
මට අපේ පුංචිකාලේ මතක්වෙනවා...වැස්සක් මග එනකොටම අපි කඩදාසි ඔරුහදලා මග බලන ඉන්නවා ..මම දන්නේනෑ.. ඒ දවස්වල අපි ඒ ඔරුවලට අපේ හින නැගුවාද කියලා ?? ඒ ගොඩට යන්න..එත් ඉතිං දැන් නම් එහෙමයි ..කඩදාසි ඔරුවලට දරන්න බැරිතරම් හීන හිතුවිලි තියෙනවා වැස්සක් එක්ක හැදෙන දිය සීරාවට ගහගෙනයන්න ...මමත් හරි ආසාවෙන් ලිය-ලිය හිටපු කවි පොතෙන් කඩාගත්තු පිටු කිහිපයක් අරගෙන හිතේ තිබුණු හැම හීනයක්ම ,බලාපොරොත්තුවක්ම ලියලා එගොඩට පා-කරලා ආසාවෙන් බලාගෙන හිටියා ..
ඊට පස්සේ ඒවා හෙමිහිට කාණුවදීගේ ගහගෙන මහපාරට ගිහිල්ලා නොපෙනෙනකම්ම බලාගෙනහිටියා .අප්පේ..හිතට දැනෙන සැහැල්ලුව ..ආයෙමත් හැරිලා බලද්දී අර ඔරූ එක්ක එකපෙලට ගහගෙන යන්න බැරිවුන - තනිවූන ඔරුවක් නැවතිලා තියෙනවා ..වතුරටම පෑදුණ මුලක් උඩ ..සීරුවට අරගෙන දිගහැරලා බලනවා මොන හීනයටද ඒගොඩ යන්න බැරිඋනේ කියලා ...
ඒ මම අන්තිමට ලියලිය හිටපු කවිය..බොදවෙච්චි අකුරු අස්සේ වුනත් මම එක කියවලා ..ඉතිරි හරියත් සම්පුර්ණකරලා අයෙමත් කවි පොතටම ලියාගන්නවා..
මහා වැස්ස නුබ වරෙන් ..

කුණු කාණුව දිගේ ගහගෙන පලයන් ..
මහා මුහුදටම ..
කඩදාසි ඔරුවල නැන්වූ..
හිරිමල් සිරිමල් හීන ...
Fattamaaa...................
ReplyDeleteThank you.. දිගටම comment කරන්න!!
Deleteniyamaiiiiiiii
ReplyDeleteThank you.. දිගටම comment කරන්න
DeleteNice Work Brother
ReplyDeleteThank you.. දිගටම comment කරන්න
Deletelassana wadak good luck......!
ReplyDeleteThank you.. දිගටම comment කරන්න
Deleteexcellent ......... keep it up brother
ReplyDeleteThank you.. දිගටම comment කරන්න
DeleteThank you.. හැමෝටම ...ඇවිත් දිගටම comment කරන්න
ReplyDeleteGood Job Lahiru
ReplyDeletetnq
DeleteGood luck
ReplyDeleteelaa
DeleteThis comment has been removed by the author.
ReplyDeleteniyamai lahiru
ReplyDeleteNice Bro......
ReplyDeleteTNX BRO
DeleteGood Job
ReplyDeleteතැන්කූ ...diagtama comment කරන්න
Deletegood luck lahiru........
ReplyDeletetnq dear..
DeleteExcellent Work ...
ReplyDeleteGood luck...
Keep it up Bro !..
Thanks a lot මචංලා ...
Deletesupiri wadak ayye..congratz
ReplyDeletetnq..
DeleteThank you sir.
ReplyDeleteNice one malli..... keep it up brother.
ReplyDelete