Tuesday, January 14, 2020

සොඳුර මට ආදරයේ ඇරියස් ඇත...

නුබ සමග නොලැග්ගට  - පරණ මාතර පාර  කිට්ටුව 
වැටකෙයියා තාන්යම් වල ...........
හිස් අහස තරම් - හිත් පුරවා ගත්තු
සතුටින් හිටි දවස් තිබුනෙම නැද්ද
අපිට ඒ දවස්  වල ????

නුබ සමග ඉදහිටවත් පටලවා -නොගත්තට  සුලගිල්ලවත්
තෙමී තෙමී -නොතෙමින් අනෝරා පොදවැසිවලට
පැන පැන සිල්පර කොටන් උඩින්......
අළුපාට  අහස්ගැබ -දේදුන්නේ  පාට පාට
ගණන් කරපු සැදවල් තිබුනෙම නැද්ද
අපිට ඒ දවස්  වල ????

නුබ සමග පාද පරිචාරිකා නොකලාට-මල් පාර  අද්දරම
කළු පාලම කෙලවර-පල්ලි පාර-හිරගෙදර පාරවල
නෙක සුවද  මල් පිපි හරි ලැජ්ජාවකින්....
අපි එනතුරු  මගබලාන හිටියෙම නැද්ද
 ඒ දවස්  වල ????

ඉතිං සොදුරිය කාලය මේතරම්ම- නපුරු ද??
ගෙවී නව වසක් තවමත් රිද්දවන්න....
ඇදී -ඇදී රිද්දවන්න...


Wednesday, December 4, 2019

හීනයක් වගේ නුබ ආවා ..... හීනයක් දීගේ නුබ ආවා......








ජීවිතය කියන්නේ වෙලාවකට හීනයක්ම වගේ කියලා හිතෙනවා .මේ මොහොතේදී වුනත් කරන්න ඕන මේ මොහොතේ සිටීම උනත් මට නම් කරන්න බැරිම දෙය ඒක කියලා හිතෙනවා.අපි හීන අල්ලාගෙන දගලනවා
ඒවා අතීත හීන නම් ඒවාට මතකයන් කියනවා. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ කියනවා
එත් ඒවා ආනාගත හීන නම් ඒවාට බලාපොරොත්තු කියනවා.

හීන (Dreams)  ඇස් වහගෙන කරන මැවීම්(imagine) වලින්  හරි අපුරු පටු තීරුවකින් වෙන්වෙනවා .අපි මනෝ පාරක් line කරද්දී අපේ හිත දන්නවා මේක මහා බොරුවක් කියලා සහ ඒක අපිට control කරන්න පුලුවන් කියලා  නමුත් හීන ලගදි අපි හරි අපුරුවට රැවටෙනවා හරියට හීනයක් වගේ......


මම අයෙමත් නුබව හීනයකින් දකිනවා .හීතලම උදැසනක එක දවසකට විතරක් නැවතිලා හිටපු මිතුරෙකුගේ
බෝඩිම් කාමරයකදී ඊටපස්සෙ එක කොටලා blog ගානවා තවත් නැවතුමකදී .මම දන්නවා නුබටත් ජීවිතය කියන්නේ එහෙම අහම්බෙන් නවාතෑන් ගන්න තෑන් කිහිපයකට කියලා.මටත් එහෙමයි මං ඒ වේලාවට  හිතනවා .මම කොච්චර නුබ ගැන ලියුවත් නුබට කවදාවත් ඒවා කියවන්න බැරි බව මම දන්නවා . ඒත් මම නුබට දක්වපු ඒ ලෙන්ගතුකම බොරුවක් නෙවේ කියලා නුබත් දන්නවා....

එකපාරටම අදත් උදේ වැඩට යන්න ඕන කියලා ඇස් ඇරෙනවා ...අද නිවාඩු කියලා ඒ ඇස් ඇසිල්ලකින් පියවගන්නවා අන්න ඒ අතරතුර නුබ කොහෙද ඉදන් ඇවිත් හීතලම හුළගක් එක්ක මගේ හීනයට රිංගගන්නවා කොහෙන්ද ගෙනාපු හාදු මල්ලක් නුබ මගේ මුහුණට අතහරිනවා . මම හීනයනුත් පුදුමවෙලා බලාගෙන ඉන්නවා.කිසිම මනුස්ස පරානයක් නැති ඒ කාමරයේ මට නුබේ සුවද දැනෙනවා ඔව් සුවද විලවුන් වල එතිලා තියෙන ගැහැණු පුසුඹ දැනෙනවා...නුබේ ස්පර්ශය දැනෙනවා ...ඉක්මනින්ම රතුවෙන නුබේ ඔය කම්මුලට යටින් යන සියුම් රුධිර කේශනාලිකා වල රත්බව මට දැනෙනවා.

එක නිකන් alcohol වීදුරුවකින් දැනෙන රස්නයට වඩා වැඩි සෞම්‍ය බවක් මගේ කන්පෙති වලට දැනෙනවා.
ඒ උණුහුමට ලෝබකමින් මම තවත් ඇදේ ඇතිරිලිවලට ලංවෙනවා . එත් එකපාරටම කවුදෝ දොරට තඩිබානවා  උඩ විසිවෙලා නැගිට්ට මම දොර ඇරල බලදිදී බෝඩිමේ uncle හරි කරුණාවන්ත හිනාවකින් උණුම උණූ තේ කෝප්පයක් බන්දේසියක තියලා අල්ලාගෙන ඉන්නවා හිනාවුණු ගමන්ම .අත් දෙකට කෝප්පය තුරුළු කරගත්ත මම ලත් තෑනම ලොප් වෙලා ගේපිලේ වාඩි වෙනවා.බලාගත්ත දිහාම බලාගෙන ඉන්නවා .බෝර 12 උණ්ඩයකට අහුවෙලා පපුව කඩාගෙන ගියා වගේ හැගීමක් පපුව පාරවනවා ...කාර කාර පාරවනවා






පසුවදනක්

ඇය මට ඇත්තටම හමුවෙනවා මිට සති කිහිපයකට  කලින් ගාලුපාර බස් නැවතුමකදී  අන්තිම බස් එක එනකල්  මග බලාගෙන ඉද්දි . හරිම අහම්බෙන් වගේ ඇය ඇදගෙන ඉන්නෙත් මගේ ජාතියේම T-shirtඑකක්
හරියට  කථාකරලා ඇදගෙන අවා වගේ .... මම ඇය ලගට ගිහින් එකපාරටම අහනවා  "කේශික්.. kandy එකෙන්ද  ගත්තේ කියලා ...ඇය වෙනදා වගේම පුංචි  ඇස්  තවත්  පුංච් කරලා හිනාවෙන ගමන්  කියනවා"අයියා දුන්නේ..."එත්  එක්කම  මෙච්චර  වෙලා ටිකක්  ඈතින් හිටපු dial  එකක් අපි ලගට එනවා ...
ඇය ඔහුට  මාව  හදුන්වලා දෙනවා මම දන්න අයියා කෙනෙක්.....


Friday, December 14, 2018

ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට






"ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට" මෙහෙම කියන්නේ මම නෙවේ ඇය ...මම ඇයට කීවෙම..... සමාවෙන්න කියන්න හිතුවෙම "ආදරය කියන්නේ අවුරුදු මාසයේ නත්තල් දවසකට කියලා " . ඔයාට මේ කතාව පැටලිලි  සහගතයිද ?? ....... ආදරය වගේම !!

ඇය දැන් ඉන්නේ දුර ඈත ...මහා මුහුදදෙන් එහා පැත්තේ තියෙන රටක.අවුරුද්දෙන් භාගයක් ගිණිගහන ඉර පායන,ඊටපස්සේ ඉතිරි  භාගය හිම වැටෙන හීතලක්...ඇය කොහේ කොතැනක ඉන්නවා කියලා නොදන්නවා වුනාට  හොදින් ඉන්නවා කියනවා සිතුවිල්ල හැම-උදැසනකම, හැම-රෑකම හිතේ කොනක තියෙනවා..

ඉස්සර හැමදාම ඇය අලුත් අවුරුද්දට අපේ ගෙදර,මම නත්තලට එයාලාගේ ගෙදර...එකම ජාතියක උනත් පටලිච්ච ආගම්  දෙකක් නිසා අපිට තියෙන්නේ පටලිච්ච නෑකමක් ..පුංචිකාලේ  ඉදන් අපි යාලුවෝ, එත් ටික ටික කල් ගතවෙද්දී එක යාලුකමකට එහා ගිය බැදීමක් ! එක ආදරයක් ද ??  මම දන්නෙත් නෑ.... එහෙම උනත් එකට හරි පදනමක්  නෑ...අර්ථ දැක්වීමක් නෑ.. එහෙම බැදීමකට කියන නම මොකක්ද කියලා කියන්න පුලුවන්කමක් එදා තිබුණේ නෑ ...

මේ ලගදි ලොකු අම්මලා අපේ ගෙදර ආවා.ඇය ආවේ නෑ . එත්  මගේ  නමට තිබුණ පාර්සලයක් ඇතුලේ ලියුම් කවරයක  තිබුණා රෝසපාට කොලයක මෙහෙම තිබුණා  "ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට" ඒ තමයි  අලුත් අවුරුදු දවසක ඇයගෙන් ලැබුණු අවුරුදු  තෑග්ග ...







Sunday, October 28, 2018

යෞවුන් ප්‍රේමය/ calf love






blog එක පටන් ගන්නකොටම මම හිතුවා ආදරය වගේ මාතෘකාවක් ඇදලා නොගන්න මොකද එක නිකන් කොටි වලිගය අල්ලාගත්තා වගේ වැඩක් ....අනික් අතට ඔය ආදරය කියන,ලියන තැන් වලදී මමත් ගොඩක් නසරාණි....මොකද ආදරය කියන්නේ විවාහයට සමාන පදයක් කියලා මගේ භාෂාවේ නැති නිසා (මම ඉතිං වැටෙන්නේ  Part-time lover category එකට ... අවලක් නෑ) දන්නවද මම මේ ලගකදි විවාහය ගැන නියම කථාවක් ඇහුවා විවාහය කියන්නේ ස්වභාවික විපතක් කියලා .
කොහොමහරි අද කතාව මෙහෙමයි" calf love" කියන්නේ මොකක්ද google කරලා බලන්න ...ඕනම එකක් translate කරලා දෙන දෙයියෝ කියන්නත් වසු පැටියා කාලේ ආදරය කියලා ...ඉතිං ගෙවුණු දවස්වල දැනුන දේවල් නිසා මේ post එක දන්න හිතුනා...

මට යෞවුන් ප්‍රේමය දැනුනේ මෙහෙමයි, සිතුවිලි වේගය අඩුවෙලා එත් ස්පන්දනය වැඩිවෙලා.යන්නේ කොහෙද ,ඉන්නේ කොහෙද ,මම කවුද ,ඇය කවුද ,වෙලාව කියද කියලා නොතේරෙන ..බලාගෙනම ඉන්න හිතෙන, ඇස් දෙක දිහා බැලුවත්, මොහොතකින් අහක බැලුවත් හිතට දැනෙන පිරිච්ච හැගීමක් ..කිසිම තේරුමක් නැතිව හැමදේම අමතකවෙන මුළු හදවතින්ම එකම එක දෙයක් විතරක්ම ප්‍රාර්ථනා කරන පුංචිම පුංචි මොහොතක් ඔව් ...කල්ප ගාණක් තරම් මතක තියෙන මිනීත්තු ගාණක්...

එක හරියට මත් බවක් ,ලෝකේ තියෙන ඉස්තරම්ම meth වලින් වත් නොලැබෙන ..එක
සතුටක්,ආශාවක්,මුලාවක් ,හැගීමක් ...හරියට තනියම පන්සලේ බුදුගෙයි  ඉන්නවා වගේ  සැනසීමක් ,තනියම බෝ ගහක් යට ඉන්නවා වගේ සිසිල් බවක් ,ඈත මුහුදේ  ඉර ගිලෙන දිහා bus එකේ වීදුරුවෙන් බලන්න ඉන්නවා වගේ නැත්නම් වහින දවසක් ජනේලෙන් එලිය දිහා බලන් ඉද්දී හිතට දැනුනු හැගීමක්,  හැගීමක්  වචන වලට හරවදිදී දැනෙන සතුටක්, එහෙම නැතිනම් තමන් ආසම කරන කෑමක් ,බිමක් ලැබුණාම දැනෙන සතුට වගේ දෙයක්....

මොනවා වුනත්  යෞවුන් ප්‍රේමය හරි සුන්දරයි ..ලැබුණත් නොලැබුණත්..ඒකාලේ හිතට හිතුන දේවල් ආයෙත් හිතන්නත් බෑ ..හිතෙන්නෙත් නෑ ..එකට තමයි පරිණාමය නැතිනම් පරිනතිය කියන්නේ ...what ever never mind ... මම යෞවුන් ප්‍රේමය ගැන අහපු හොදම කතාව තමයි king khan ..එහෙමනැතිනම් අපි හැමෝම දන්නා SRK ගේ කථාවක් ..."ඔව් යෞවුන් ප්‍රේමය -පාසල් ප්‍රේමය එක මාරයි..හරියට පිහාටුවක් උඩ ඉදගෙන වලාකුලක් හප්පනවා වගේ වැඩක් ..කොච්චර try කරත් පිහාටුව උඩට ගන්නත් බෑ ...වලාකුලක් හැපෙන්නෙත් නෑ ...එහෙම හැගීම් ඇතිවීම සාමාන්‍යයි එත් ප්‍රතිපල අසාමාන්‍යයි."

.









Sunday, September 30, 2018

(ක)විකාර කෝපී කෝප්පයක්...

 (ක)විකාර කෝපී කෝප්පයක්...





කෝපී සාප්පුවක්  කියන්නේ හරිම ආදරණීය තැනක් ..දවස ඉවරවෙනකොට ඉතිරිවුන බොහොමයක් දේවල් උණුම - උණූ  කෝපී කෝප්පයක් එක්ක හරි අපූරුවට බෙදාගන්න පුලුවන්.. දන්නවද ??සීතලම -සිතල වැහිදාක උණුම - උණූ  කෝපී කෝප්පයකට පුලුවන් ගල්වෙලා තියෙන කවි හිතක් දියකරලා දාන්න ..ඒ cofee වල තියෙන caffen නිසාම ද?? මන් දන්නේ නෑ....

ඇයි මම එකපාරටම  කෝපී සාප්පුවක් ගැනයි cofee ගැනයි කතාකරන්නේ...ඔයා හිතනවා ඇති ..මම කැමති කෝපී වලට, තේ වලට වැඩියෙන් ...මොකද කෝපී වල තියෙන්නේ අමුතු තිත්ත රසයක් ..ඇත්ත ,වෙලාවකට ජීවිතෙත් තිත්තයි..ඇත්ත වගේම..එත් ඉතිං බොන්නමවෙනවා...ගත්ත නිසාම ..ඕනම නගරයක කෝපී සාප්පුවක් හොයාගන්න එක අමාරු නෑ..ඒ මොකද ඒ නමින්ම නොතිබුනාට හොදට වටපිටාව බැලුවම් කෝපී සාප්පුවකට තියෙන හැඩරුව ඒවගෙන්   අදුනගන්න පුලුවන්...

මමත් නිතරම යන-එන කෝපී සාප්පුවක් තියෙනවා...ගොඩක් වැහි දවස් වලට නොතෙමි ඉන්න වගේම කවියක් අහුලගනත් එක්ක  ඔය තැනට ඉබේම ඇදෙනවා ..තනියම නෙවේ pop - corn මල්ලක් එක්ක ...ඒ තැන හරි අපූරුවට හදලතියෙනවා . දෙපැත්ත පෙනෙන අඩි 10 ක විතර උස විදුරු මාලිගාවක් වගේ හදලා තියෙන එතන හරි ලස්සන cake ආකෘති තියෙල තියෙනවා ..පුංච් කුමර,කුමරියන්ගේ උපන්දින සාදවලට ,නැති නම් සරණ මංගල්ල වලට . මම අපී පුංචි කුමාරයාගේ උපන්දිනයට cake එකගත්තේ එතැනින්..

කොච්චර ලස්සනට cake හදලා තිබුණට මොකද ? ඇත්තටම වුමනවක් නැතිනම් මිනිස්සු එව්වා බලන්නේ නෑ ,එක්කෝ එකට වෙලාවක් නෑ ,බැලුවත් ගන්න අතේ සල්ලිත් නෑ .මමත් ඉතිං කරන්නේ කෝපී කෝපයක් අරගෙන  RED -Velvet රස මවාගෙන වෙන මොනාහරි කන එක ..  ඉතින් ඔය කෝපී සාප්පුව ඉස්සරහම තියෙනවා salon එකක් .එතැන ඉස්සර ඉදලා ප්‍රසිද්ධයි .මොකද එතැන වැඩකරපු අක්කලා සැලොන් එක prmote කරන්න මාර add එකක් දෙනවා..ඉතිං ඔය නිසාම class ඇරිලා එනගමන් salon දොරෙන් බලන් කොන්ඩේ පිරන්න කොල්ලෝ අමතකනොකර bookmark එකක් දාගන්නවා..

ඇතුලට යන කෙනා කවුරුවුනත් එලියට එද්දී අදුරගන්න බැරිවෙන තරමට අශ්චර්යක් කරන්න පුලුවන්  විශ්ව කර්ම හැකියාවක් ඒ කස්ට්යට තිබුණා  ..මමත් ගොඩක් වෙලාවට ඇතුලට ගිය අය අදුරගත්තේ අදන්ගිය ඇදුමින් .එත් ඒ කෝපී කෝප්ප 2,3 ක් හිස් වුනොත් විතරයි .. දන්නවද  මේ එතන ඊයේ වුනදෙයක්  salon එක ඇතුලේ ඉදන් cupple එකක් එලියට අවා ..කෙල්ල නම් AL පෙනුමයි කොල්ලා ඊට අවුරුදු 2,3 ක්  වැඩිමල් ඇති පෙනුමෙන් ..

ඇය හැඩකාරයි,ඔහු කඩවසම් ...salon එකෙන් එලියට එනකොටත් හොදටම වැස්ස ...කතාවේ හැටියට නම් කෙල්ලට එතැනින්  යන්න හදිස්සි ..ඇය දාගෙන හිට්යේ සපත්තු දෙකක් නිල් පාට ,සපත්තුවේ ලේස් ගටගැහුවේ ඔහු,ඊටපස්සේ ඉහලගත්තු කුඩේ යටින් දෙන්නම ගමන් කරා තෙමී තෙමී නොතෙමි හරියට love lane එකේ වගේ....වැඩේ ලස්සනට ගියේ මිනීත්තු කිහිපයි film එකේ ක්ලයිමෙක්ස් දීම කළු පාට වන්ඩියක් ඇවිත් පාරේ තිබුණා වතුර වලකින් දාගෙන ගියා..වැස්සට තෙමී - තෙමී ගිය  cupple එක මඩ වතුරෙනුත් නෑවා..ඒ එකක්ම කෙල්ල එතැනම් නැවතිලා හිටියා සපත්තුව ගලවලා ගත්ත අතට එක ඇතුලින් වතුර බේරෙනවා..ඔහු ඔහුගේ කකුල් දෙකේ තිබුණා bata සෙරෙප්පු දෙක ඇයට දුන්නා ..එත් ඇය කැමතිවූනේ නෑ  දිගට -දීගේ ඒ සෙරෙප්පු දෙකට ..

බැරිම තැන කොල්ලා ළග තිබුණ සෙරෙප්පු කඩේකට කෙල්ලව එක්කන් ගියා..එහෙම රැකගන්න තරම් ඇයව ඔහුට වටිනවා ඇති....රෝමා කියන විදියට ..."අයින්ස්ටයින්ලා  පිරිච්ච ලෝකයක වලෙන්ටයින් කෙනෙක් වෙන්න ලේසි නෑ"...ඊට මිනීත්තු කිහිපයකට පස්සේ ඔහු අවා  මම හිටපු  කෝපී සාප්පුවට .."අයියේ මට ප්ලේන්ටියක් දෙන්න"  self -service කවුළුවෙන් ප්ලේන්ටියක් ගත්ත ඔහු සාක්කුවෙන් ඇදලා ගත්ත රතුපාට සිකරට් පෙට්ට්යත් එක්ක Smoking area එකට ඇදුනා.....


ඊයේ අපි හමුවුනනම්
අපි නිතර යන -එන කොපි සාප්පුවේදී
ප්ලේන්ටි බිලා ඉතිරි කරගත්ත සල්ලිවලින් 
මට තිබුණා  නුබට පිළිගන්වන්න
උණුම-උණූ කෝපී කෝප්පයක්
සීතලම හදවතක්  එක්ක ..





Reactions: 

Tuesday, September 25, 2018

පොද වැස්ස නුඹ එන්න....




සමහරක් වේලාවට අපි නොහිත කරන පුංචි-පුංචි දේවල් වලින් අපේ වටපිට ඉන්න අය කොච්චර අපහසුතාවයකට පාත්වෙනවා ඇතිද ?? එත් ඉතිං‍ ඒවායින්  සමහරක් ඒවා කොච්චර සුන්දරද ? මගේ හිතේ අත්වැරැදත් සුන්දරයි කියන්නේ එව්වට වෙන්න ඇති!!   


මම අද කියන්න යන්නේ මම කරපු,කරන්න අසා අත්වැරදක් ගැන .ඒවගේ වැඩ නිතරම වුවමනාවට වැඩියෙන්  කරන නිසා වෙන්න ඇති  මමත් එක්ක ඉන්න කවුරුත් අකමැතියි ! මට ඉස්සර ඉදලා ආසාවක් තියෙනව  පුංචි-පුංචි පොද වැස්සට තෙමෙන්න .වැස්සක් පටන් ගන්න ඉස්සර ඒ වගේම වැස්ස ඉවරවෙන්න ඔන්න-මෙන්න . ඔය අත්දැකීම් ගොඩක් ලැබෙන්නේ bus එකේදි .මම හැමදාම කොහොමහරි  try කරලා මුහුද පැත්තේ seat එකක් අල්ලගන්නවා නැතිනම් ,වෙලාව තියුනොත් ඉදලා ඊලග bus එකේ එන්න තරම් පිස්සුවක් මට  තියෙනවා !! 

මුහුදු හුළග එක්ක එක්ක පුංචි-පුංචි වැහිබින්දු මුණේ වැදෙනකොට හරි සැනසීමක් දැනෙනවා .එක දිගට පැය ගණං පුටු රත්කරලා ගෙදර එනකොට ඔය වැහිබින්දුවක් කියන්නේ ගොඩක් වටිනා දෙයක් .හුළං පාර එක්ක ඔට්ටුවෙලා හොදටම හොන්තු-මාන්තු වෙච්චි නන්නත්තාර වැහිබින්දු ඇවිත් මුණපුරා සිපගද්දී තමයි හිතෙන්නේ මම තවම ජීවත්වෙනවා ,කවි තවම ජීවත්වෙනවා කියලා ...එහෙම හිතුන දවසක මම bus ticket එකක පුංචියට මෙහෙම කවියක් ලියනවා..


පොදවැස්ස නුඹ එන්න...
දේදුන්න පායන්න....
මටහැකිය  නුඹ එක්ක  ...
හැමදාම හිනැහෙන්න ..

ඉතිං ඔයවගේ අනිත් එවුන්ට හෙන ගොන්පාට් වගේ පෙනෙන වැඩතමයි මම ගොඩක්ම කරන්නේ ..වැහිබින්දු වලින්  bus එකේ wind screen 1 ත් ටික-ටික බොදවෙද්දී අනිත් හැමෝම shutters වහනකොට මම විතරක් shape එකේ ජනේලය එහාට තල්ලුකරනවා තවත් වැහිබින්දු වල  ආශ්වාදය විදගන්න .මම ගොඩක් වෙලාවට ආයෙත් ජනේලය වහන්නේ පිටිපස්සේ ඉන්න කෙනෙක් කිවුවොත් හරි කොන්දොස්තර ඇවිත් වහන්න කිවොත් තමයි ..එත් ඒ වෙලාවට  ඒ අය වැහිබින්දුවක රහ නොදන්නකමකට කියලා හිත හදාගත්තා ...


එත් දවසක් මෙහෙම seance එකක්වුණා එදා වෙනදා වගේ love එකෙන් වැස්සේ නෑ ..අඩන්න ඉන්න වෙලාවක ඇහැට ඇගිල්ලකින් ඇන්නවගේ බොරළු කැට වැස්සක් මහා හයියෙන් වැස්සා ..එන්ජිම එක්ක තරගයට  සින්දු කියපු ජනේලයක් වහගන්න බැරිවුනා...මට නෙවෙයි ඉස්සරහ කෙනෙක්ට???
ඉතිං පිටිපස්සේ ගියපු 4-5 දෙනෙක්ක්ට නැගිටලා යන්න සිද්දවූනා යාරේ අඩියට තලලා  අඩිය අගලට තලපු ල.o .ග .ම  bus එකක ...එදා ඉදන් bus 1 ට නැග්ගම shutter එක check කරලා බලන්න පුරුද්දක් මටත් තියෙනවා .... 


     

   
Reactions: 

Monday, September 24, 2018

වැහි එක්ක මං එක්ක....

   

       වැහි එක්ක මං එක්ක....






                   මේ දවස්වල ඉතිං මහා වැහි වැටෙනවා,නොහිතන වේලාවට අහස මහා  හයියෙන් අඩනවා . මෙච්චර කාලයක් මහපොලවට ලබානොදී ඉතිරි කරපු ආදරය පොළියත් එක්කම අතැරලාදානවා ....



 මහපොළවටත් ලැජ්ජා නැති හැටි ? දැවි -දැවී, තැවි-තැවී  ඉරිතැලි ගිය සියලුම වේදනා අමතකකරලා වැටෙනා හැම වැසි-බින්දුවම උරාගන්න මහා කෑදරකමකින් මුළු පොළවම බලන් ඉන්නවා..ගොඩක් කාලයකින් වැස්සක් වැටුනාම මහපොළවෙන් හරි අමුතු  සුවදක් එනවා..ඒ තමයි නැවුම් සුවද  පුංච්කාලේදී  එහෙම අහල තියෙනවා ..එත් ඒ  නැවුම් සුවදමද ?  නැතිනම් අර වැස්ස නැතිකාලේ විදපු දුක-කදුළු දියකරපුවාම එන  සුවද  ද? ඇත්තටම දුක ඉවරවෙනකොට ජීවිතය එච්චරම සුවද ද ?


මිනීත්තු කීපයක්  යන්න කලින් පේමන්ටුවට එහා පැත්ත එකම එක ගගක් වෙනවා ...ගගක් කීවට හරියට ඇළක්,දොළක් වගේ හැගීමක් හිතට එනවා... ඊට අඩි කීහිපයක් එහායින් තියෙනවා විලක් ...
සමාවෙන්න එක වළක්!!  වළක් විලක් වෙන්න මලක් පිපෙන්න ඕනෑ කියලා රීතියක් තියෙනවා ..එත් ඉතිං කවියක් ලියන්න, කතාවක් ලියන්න ඔය නීති රීති අදාළ නෑ කියලත් මතක් වෙනවා...


මට අපේ පුංචිකාලේ මතක්වෙනවා...වැස්සක් මග එනකොටම අපි කඩදාසි ඔරුහදලා මග බලන ඉන්නවා ..මම දන්නේනෑ.. ඒ දවස්වල අපි ඒ ඔරුවලට අපේ හින නැගුවාද කියලා ?? ඒ ගොඩට යන්න..එත් ඉතිං දැන් නම් එහෙමයි ..කඩදාසි ඔරුවලට දරන්න බැරිතරම්  හීන හිතුවිලි තියෙනවා වැස්සක් එක්ක හැදෙන දිය සීරාවට ගහගෙනයන්න ...මමත් හරි ආසාවෙන් ලිය-ලිය හිටපු කවි පොතෙන් කඩාගත්තු පිටු කිහිපයක් අරගෙන හිතේ තිබුණු හැම හීනයක්ම ,බලාපොරොත්තුවක්ම ලියලා එගොඩට පා-කරලා ආසාවෙන් බලාගෙන හිටියා ..


 ඊට පස්සේ ඒවා හෙමිහිට කාණුවදීගේ ගහගෙන මහපාරට ගිහිල්ලා නොපෙනෙනකම්ම බලාගෙනහිටියා .අප්පේ..හිතට දැනෙන සැහැල්ලුව ..ආයෙමත් හැරිලා බලද්දී අර ඔරූ එක්ක එකපෙලට ගහගෙන යන්න බැරිවුන - තනිවූන ඔරුවක් නැවතිලා තියෙනවා ..වතුරටම පෑදුණ මුලක් උඩ ..සීරුවට අරගෙන දිගහැරලා බලනවා මොන හීනයටද ඒගොඩ යන්න බැරිඋනේ කියලා ...


ඒ මම අන්තිමට ලියලිය හිටපු කවිය..බොදවෙච්චි අකුරු අස්සේ වුනත් මම එක කියවලා ..ඉතිරි හරියත් සම්පුර්ණකරලා අයෙමත් කවි පොතටම ලියාගන්නවා..




මහා වැස්ස  නුබ වරෙන් ..
පෙමන්ටුවට උඩින් වතුර වාන් දමාපන්..
කුණු කාණුව දිගේ ගහගෙන පලයන් ..        
මහා මුහුදටම ..
කඩදාසි  ඔරුවල නැන්වූ..
හිරිමල් සිරිමල් හීන ...
  





Reactions: