Wednesday, December 4, 2019

හීනයක් වගේ නුබ ආවා ..... හීනයක් දීගේ නුබ ආවා......








ජීවිතය කියන්නේ වෙලාවකට හීනයක්ම වගේ කියලා හිතෙනවා .මේ මොහොතේදී වුනත් කරන්න ඕන මේ මොහොතේ සිටීම උනත් මට නම් කරන්න බැරිම දෙය ඒක කියලා හිතෙනවා.අපි හීන අල්ලාගෙන දගලනවා
ඒවා අතීත හීන නම් ඒවාට මතකයන් කියනවා. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ කියනවා
එත් ඒවා ආනාගත හීන නම් ඒවාට බලාපොරොත්තු කියනවා.

හීන (Dreams)  ඇස් වහගෙන කරන මැවීම්(imagine) වලින්  හරි අපුරු පටු තීරුවකින් වෙන්වෙනවා .අපි මනෝ පාරක් line කරද්දී අපේ හිත දන්නවා මේක මහා බොරුවක් කියලා සහ ඒක අපිට control කරන්න පුලුවන් කියලා  නමුත් හීන ලගදි අපි හරි අපුරුවට රැවටෙනවා හරියට හීනයක් වගේ......


මම අයෙමත් නුබව හීනයකින් දකිනවා .හීතලම උදැසනක එක දවසකට විතරක් නැවතිලා හිටපු මිතුරෙකුගේ
බෝඩිම් කාමරයකදී ඊටපස්සෙ එක කොටලා blog ගානවා තවත් නැවතුමකදී .මම දන්නවා නුබටත් ජීවිතය කියන්නේ එහෙම අහම්බෙන් නවාතෑන් ගන්න තෑන් කිහිපයකට කියලා.මටත් එහෙමයි මං ඒ වේලාවට  හිතනවා .මම කොච්චර නුබ ගැන ලියුවත් නුබට කවදාවත් ඒවා කියවන්න බැරි බව මම දන්නවා . ඒත් මම නුබට දක්වපු ඒ ලෙන්ගතුකම බොරුවක් නෙවේ කියලා නුබත් දන්නවා....

එකපාරටම අදත් උදේ වැඩට යන්න ඕන කියලා ඇස් ඇරෙනවා ...අද නිවාඩු කියලා ඒ ඇස් ඇසිල්ලකින් පියවගන්නවා අන්න ඒ අතරතුර නුබ කොහෙද ඉදන් ඇවිත් හීතලම හුළගක් එක්ක මගේ හීනයට රිංගගන්නවා කොහෙන්ද ගෙනාපු හාදු මල්ලක් නුබ මගේ මුහුණට අතහරිනවා . මම හීනයනුත් පුදුමවෙලා බලාගෙන ඉන්නවා.කිසිම මනුස්ස පරානයක් නැති ඒ කාමරයේ මට නුබේ සුවද දැනෙනවා ඔව් සුවද විලවුන් වල එතිලා තියෙන ගැහැණු පුසුඹ දැනෙනවා...නුබේ ස්පර්ශය දැනෙනවා ...ඉක්මනින්ම රතුවෙන නුබේ ඔය කම්මුලට යටින් යන සියුම් රුධිර කේශනාලිකා වල රත්බව මට දැනෙනවා.

එක නිකන් alcohol වීදුරුවකින් දැනෙන රස්නයට වඩා වැඩි සෞම්‍ය බවක් මගේ කන්පෙති වලට දැනෙනවා.
ඒ උණුහුමට ලෝබකමින් මම තවත් ඇදේ ඇතිරිලිවලට ලංවෙනවා . එත් එකපාරටම කවුදෝ දොරට තඩිබානවා  උඩ විසිවෙලා නැගිට්ට මම දොර ඇරල බලදිදී බෝඩිමේ uncle හරි කරුණාවන්ත හිනාවකින් උණුම උණූ තේ කෝප්පයක් බන්දේසියක තියලා අල්ලාගෙන ඉන්නවා හිනාවුණු ගමන්ම .අත් දෙකට කෝප්පය තුරුළු කරගත්ත මම ලත් තෑනම ලොප් වෙලා ගේපිලේ වාඩි වෙනවා.බලාගත්ත දිහාම බලාගෙන ඉන්නවා .බෝර 12 උණ්ඩයකට අහුවෙලා පපුව කඩාගෙන ගියා වගේ හැගීමක් පපුව පාරවනවා ...කාර කාර පාරවනවා






පසුවදනක්

ඇය මට ඇත්තටම හමුවෙනවා මිට සති කිහිපයකට  කලින් ගාලුපාර බස් නැවතුමකදී  අන්තිම බස් එක එනකල්  මග බලාගෙන ඉද්දි . හරිම අහම්බෙන් වගේ ඇය ඇදගෙන ඉන්නෙත් මගේ ජාතියේම T-shirtඑකක්
හරියට  කථාකරලා ඇදගෙන අවා වගේ .... මම ඇය ලගට ගිහින් එකපාරටම අහනවා  "කේශික්.. kandy එකෙන්ද  ගත්තේ කියලා ...ඇය වෙනදා වගේම පුංචි  ඇස්  තවත්  පුංච් කරලා හිනාවෙන ගමන්  කියනවා"අයියා දුන්නේ..."එත්  එක්කම  මෙච්චර  වෙලා ටිකක්  ඈතින් හිටපු dial  එකක් අපි ලගට එනවා ...
ඇය ඔහුට  මාව  හදුන්වලා දෙනවා මම දන්න අයියා කෙනෙක්.....


No comments:

Post a Comment