Friday, December 14, 2018

ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට






"ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට" මෙහෙම කියන්නේ මම නෙවේ ඇය ...මම ඇයට කීවෙම..... සමාවෙන්න කියන්න හිතුවෙම "ආදරය කියන්නේ අවුරුදු මාසයේ නත්තල් දවසකට කියලා " . ඔයාට මේ කතාව පැටලිලි  සහගතයිද ?? ....... ආදරය වගේම !!

ඇය දැන් ඉන්නේ දුර ඈත ...මහා මුහුදදෙන් එහා පැත්තේ තියෙන රටක.අවුරුද්දෙන් භාගයක් ගිණිගහන ඉර පායන,ඊටපස්සේ ඉතිරි  භාගය හිම වැටෙන හීතලක්...ඇය කොහේ කොතැනක ඉන්නවා කියලා නොදන්නවා වුනාට  හොදින් ඉන්නවා කියනවා සිතුවිල්ල හැම-උදැසනකම, හැම-රෑකම හිතේ කොනක තියෙනවා..

ඉස්සර හැමදාම ඇය අලුත් අවුරුද්දට අපේ ගෙදර,මම නත්තලට එයාලාගේ ගෙදර...එකම ජාතියක උනත් පටලිච්ච ආගම්  දෙකක් නිසා අපිට තියෙන්නේ පටලිච්ච නෑකමක් ..පුංචිකාලේ  ඉදන් අපි යාලුවෝ, එත් ටික ටික කල් ගතවෙද්දී එක යාලුකමකට එහා ගිය බැදීමක් ! එක ආදරයක් ද ??  මම දන්නෙත් නෑ.... එහෙම උනත් එකට හරි පදනමක්  නෑ...අර්ථ දැක්වීමක් නෑ.. එහෙම බැදීමකට කියන නම මොකක්ද කියලා කියන්න පුලුවන්කමක් එදා තිබුණේ නෑ ...

මේ ලගදි ලොකු අම්මලා අපේ ගෙදර ආවා.ඇය ආවේ නෑ . එත්  මගේ  නමට තිබුණ පාර්සලයක් ඇතුලේ ලියුම් කවරයක  තිබුණා රෝසපාට කොලයක මෙහෙම තිබුණා  "ආදරය කියන්නේ නත්තල් රාත්‍රීයක උදාවෙන අලුත් අවුරුදු නැකතකට" ඒ තමයි  අලුත් අවුරුදු දවසක ඇයගෙන් ලැබුණු අවුරුදු  තෑග්ග ...







3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Great mchn...........
    in my story
    'Raa wenna kalin parissamata gedara yanna'
    ඒ තමයි අලුත් අවුරුදු දවසක ඇයගෙන් ලැබුණු අවුරුදු තෑග්ග ...

    ReplyDelete